සාසනික පිංකම්, වන්දනා තුලින් සත්ත්වයාට ප්‍රථිඵල ලැබෙනවද නැද්ද? යන්න පිළිබඳව සම්බුදු මුවින් හා මහරහතන් වහන්සේලාගේ මුවින් දේශනා කර වදාළ ත්‍රිපිටකයට අයත් දේශනා ඔබ සැමගේ දැනුවත් වීම උදෙසා


පිංවත් ඔබ සැමට තෙරුවන් සරණයි...!
සාදු ගංඟා... වැඩසටහන පිළිබඳව සියල්ලටම කලින් ඔබ සැම දැනුවත් කිරීම අපගේ යුතුකමයි.
සාසනික පිංකම්, වන්දනා තුලින් සත්ත්වයාට ප්‍රථිඵල ලැබෙනවද නැද්ද? යන්න පිළිබඳව සම්බුදු මුවින් හා මහරහතන් වහන්සේලාගේ මුවින් දේශනා කර වදාළ ත්‍රිපිටකයට අයත් දේශනා ඔබ සැමගේ දැනුවත් වීම උදෙසා ගෙන හැර දැක්වීමට ප්‍රථමයෙන්,
මෙම වැඩසටහන ගෙනහැර දක්වන්නේ කුමක් හේතුවෙන්ද කියලා ඔබ සැම දැනුවත් විය යුතුයි.
යම් යම් පිරිස් විසින් නොදැන මෙවැනි උතුම් කටයුතු විවේචනය කරනවා. තම තමන්ගේ අත්තනෝ මත සමාජ ගත කරන්න හදනවා.
ඒකෙන් වෙන්නේ ජනතාව බුද්ධ දේශනාවෙන් ඉවතට ඇදි ඇදි ගිහින් අති දුර්ලභව පහළ වෙන බුද්ධ සාසනයක් තියෙන කාලෙක ඒ උතුම් සාසනයෙන් මෙලොවටත්, පරලොවටත් ලබාගන්න තියෙන අභිවෘද්ධිය නැතිකරගන්නෙක.
ඔහොම කියනකොට සමහරු කියනවා... ඕවා කරන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ නිවන් අවබෝධ කරගන්න ප්‍රතිපත්ති පුරන්න කියලා.
හැබැයි ඕවා එපා කියලා කොහෙවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද? කරන්න කියලා දේශනා කරලා තියෙනවද? ඒ බව ඉදිරියේදී ගෙනහැර දක්වන්නම්.
එක්තරා දවසක බුදුපියාණන් වහන්සේ 500ක් ඉන්න තැනකට බණ කියන්න වැඩියා. වැඩම කරලා බලාගෙන හිටියා.අර පිරිසත් බලාගෙන හිටියා බණ කියනකම්. ඒ අයටත් ඕන උනේ ඔය පුරන්න ඕන ප්‍රතිපත්තිය අහගන්න. හැබැයි ප්‍රතිපත්තිය පුරන්න ඕනවෙලා බලාගෙන හිටියට ප්‍රතිපත්තිය දුන්නද?
ඔය 500ක් දෙනා අතරට ප්‍රමාදවෙලා එන එක්කෙනෙක් හිටියා. ඒ එනකන් උන්වහන්සේ නිහඬව හිටියා ප්‍රතිපත්තිය දේශනා කරන්න. මොකද උන්වහන්සේ කියන ප්‍රතිපත්තිය තේරෙන්නේ එයාට විතරක් නිසා.
අන්තිමට බණ ඉවරවෙනකොට මගඵල ලැබුවේ එයා විතරයි. අනෙක් එක්කෙනෙක්ටවත් බණ තේරුනේ නැහැ. උන්වහන්සේ බණ කියන්න ගියේ අර 500ටම නෙවෙයි. අර ප්‍රමාද වෙලා පැමිණි එක්කෙනාටයි.
දැන් ඔය පිංකම් කරන්න එපා කියන අයට පැහැදිලිව කියන්න පුළුවන්ද අර 500 ටම ප්‍රතිපත්ති පුරන්න ඕන උනත් බණෙන් කියපු ප්‍රතිපත්තිය නොතේරුනේ ඇයි කියලා. බැහැ නේද?
නොතේරෙන චතුරාර්‍ය සත්‍ය තේරෙන්න නම් පෙර කරපු පින ඇදිලා එන්න ඕන කියලා පැහැදිලිව දේශනා කරලා තියන්නේ ඒ නිසයි.
හොඳයි අපිට පින ඇදිල එන විදිහත්, පව ඇදිලා එන විදිහත් පේන්නේ නැති නිසා පැත්තකින් තියමු. තියලා මේ විදිහට හිතමු අපේ මොළේ පොඩ්ඩක් පාවිච්චි කරලා.
පිංකම් වන්දනා විවේචනය කරන පිරිස් ඕවා විවේචනය කරන්නේ පටු කාල සීමාවක් නිරීක්ෂණය කරලා ගත්ත නිගමන නිසාද? නැද්ද?
ඒ කියන්නේ යමක් කරලා ඒකට ප්‍රථිඵල ජිවත් වන අවුරුදු 60-70 ක් වගේ කෙටි කාලයක් තුල බලාපොරොත්තු වෙලාද? නැද්ද?
තමන් බලාපොරොත්තු වෙන කාලය තුල ප්‍රථිඵල ලැබෙන්නේ නැති නිසා එහෙම නැතිවෙනකොට ඒවා බොරු වැඩ මිථ්‍යා වැඩ කියලා නිගමන වලට එළඹෙනවා.
ඇත්තටම ඔය කාලය ඇතුලත බලලනම් ඕවා විවේචනය කරන්නේ වැඩක් නැහැ ප්‍රතිඵලයක් නැහැ කියලා පිංකම් කරන අය කලින්ම දන්නවා ඔය කාලය ඇතුලත ලැබෙන මහා ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒ නිසා ඒ අය දන්නවා විවේචනය කරන අයට මහා ප්‍රඥාවක් පහළ වෙලා නෙවෙයි ඔය දේවල් කියන්නේ කියලා. ඕක ඉතිං ඕන කෙනෙකුට තේරෙන එකක් නේ.
හැම කෙනෙකුටම තේරෙන එකක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ. උන්වහන්සේලා දේශනා කරපු චතුරාර්‍ය සත්‍යත් හැමෝටම තේරෙන්නේ නෑ. ඒ නිසා සාසනික වන්දනාමාන, දානමාන හා පුද පුජා වලින් ලැබෙන ආනිසංස රටාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලත් හැමෝටම තේරෙන්නේ නැහැ. දානමාන පුද පුජා පිළිබඳව උන්වහන්සේලා විස්තර කලේ ඔය සාමාන්‍ය කෙනෙකුට පේන අවුරුදු 60-70 ක් වැනි පටු කාලසීමාවක් බලලා නෙමෙයි. ඊට වඩා කල්ප කාලාන්තරයක් ඉදිරියත් පිටුපසත් බලලා. ත්‍රිපිටකයේ බොහෝ දුරට පිනට හා පවට විපාක ලැබෙන විදිහ සඳහන් කරලා තියන්නේ ඇහැට පෙනෙන කාල සිමාවෙන් ඔබ්බට ගිහිල්ලයි.
ඇහැට පේන කාල සිමාවේ ලැබෙන ප්‍රථිඵල විදිහට දිට්ඨ ධම්මවේදනීය කර්ම කියලම කොටසක් සඳහන් කරලා තියෙනවා. දිට්ඨ ධම්මවේදනීය කියන වචනයේම තියෙනවා ඒකෙ අර්ථය. ඒ කියන්නේ ඇහැට පේන්නම ඒ අත්බැවේම කරපු එකේ ප්‍රථිඵල ලැබෙනවා කියලා.
උදාහරණයක් විදියට කියනවනම් හත් දවසක් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච මහරහතන් වහන්සේ නමකට පලවෙනි දානය පුජා කරගන්න ලැබුනොත් ඒ අත්බැවේම ඒ පුණ්‍යකර්මයේ විපාක ලැබෙන බව දේශනා කරලා තියෙනවා.
ඒ වගේම එහෙම වෙච්ච අවස්ථාත් ත්‍රිපිටකයේ මොනවට පැහැදිලි වෙනවා.
බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කල පිනකට ලැබෙන ප්‍රථිඵල හැමෝටම පේන්න ගත්තොත් මේ ලෝකේ ඉන්න හැම කෙනාම පොරකකා පිං කරයි.
පිං පැත්තකින් තියමුකෝ. පවක් කරලා විපාක දෙන ඒක පේනවනම් මිනිස්සු පව් කරයිද?
උදා:- පිං කරන අයට බොරුවට ධනය, ශ්‍රමය වියදම් කරන්න එපා ඕක බොරු වැඩක් කියලනේ කියන්නේ.
දැන් එහෙම නම් අපි හිතමු තමන්ගේ වත්තට ආපු බල්ලෙක් එලවන්න වතු හිමියා ඒ මේ අත ඇවිදලා ගලක් හොයාගෙන ඒ බල්ලට ගහනවා. ඌ ලේ පෙරාගෙන දුවනවා. ඕක දැකලා අල්ලපු වත්තේ මනුස්සයා කියනවා අපරාදෙනේ ඔච්චර ගල් මුල් හොයලා මහන්සි වෙලා ඔය බල්ලට ගැහැව්වේ. ඉතිං ඔයාට එකෙන් ලැබෙන ඵලේ මොකද්ද?. ඉතිං ඒ කරපු දේට මට ලැබෙන ප්‍රතිඵලයක් කෝ කියලා අවුරුදු 60-70 ක් බලා ඉඳලා කියනවා කෝ මුකුත් ලැබිච්ච විපාකයක් නෑනේ කියලා. ඒ නිසා අල්ලපු වත්තේ මනුස්සයා කියපු කතාව ඇත්තනේ කියලා තීරණය කලොත් ඒ තීරණය ගත්තේ කොයිතරම් නම් කෙටි කාලයක් තුල බලලා ද?
ඉතිං එහෙම තීරණය කරලා දෘෂ්ඨිගත වෙලා පව් කෙරුවට විපාක ලැබෙන්නේ නැහැ කියලා තීරණය කලොත් ප්‍රථිඵල ඉදිරියට ලැබෙන්නේ නැද්ද?
අනිවාර්යෙන්ම ඉදිරි අත්බැව් වලදී ඔළු පැලි පැලී විඳවන්න ඒකෙ ඵලේ එනවමයි. ඒකාන්තයි.
ඒවට එහෙම ප්‍රථිඵල එනවා කියලා බුදුවරු දේශනා කරලා තියෙනවා. ඒ වගේම, පිංකම් කරන මනුස්සයට අග්‍ර ප්‍රථිඵල ලැබෙනවා කියලත් දේශනා කරලා තියෙනවා.
සමහරු මහා හයියෙන් කෑ ගහනවා කිසිම ශක්තියක් නැති ගස් ගල් වලට වන්දනාමාන කරලා ලැබෙන ඵලේ මොකද්ද කියලා.
සාදු ගංඟා.. වැඩසටහනේ පුර්ව ප්‍රචාරක වීඩියෝපටයට කොමෙන්ටුවක් විදිහට පල කරලා තිබුණ ප්‍රකාශයකට ප්‍රතිඋත්තර සැපයීමක් විදිහට එක්තරා පුද්ගලයෙක් මෙන්න මෙහෙම සඳහන් කලා. එකේ වැදගත් කරුණු කිහිපයක්ම තිබුණු නිසා අපි ඒක තිබ්බ විදිහටම ඔබ වෙතට ගෙන එන්නම්.
"ඔබතුමන්ලා කියන විදිහේ ගස් ගල් හැදිලා තියන්නෙත් සතර මහා භූත වලින්. බුද්ධ ශරීරය හැදිලා තියන්නෙත්, ඔබතුමන්ලා, අපි හැදිලා තියන්නෙත් සතර මහා භුත වලින්මයි. හැබැයි ඔබතුමන්ලාගේ හෝ අපේ ශරීර මළාට පස්සේ ගින්නකින් දවපුවහම අළු දූවිලි වෙලා ගියාට බුදුවරුන්ගේ දේහයට එහෙම වෙන්නේ නැතිව ධාතු වෙනවා. හිතේ සියළු ගිනි නිවපු උතුමන්ගේ දේහයේ තිබෙන සතර මහා භූත පවා ගින්නකින් දවන්න බැරුව එකට කැටි වෙලා මුතු කැට වගේ ධාතු වෙලා ඒ සතර මහා භූත වලින් පවා රැස් විහිදවනවා. ඔබතුමන්ලාගේ ඇස් වලට ඒවා දැකල නැති උනාට මස් ලේ ඇහැ ඉක්මවා ගිය දිවැස් වැනි විශේෂ ඉන්ද්‍රියන් දියුණු කරගත් උත්තමයන්ට ඒවා පේනවා. සමහර අයගේ මස් ලේ ඇහැටත් පේනවා. ඔබතුමන්ලට ඒ කතාව විශ්වාස කරන්න බැරිනම් ඔබතුමන්ලා දන්නේ නැතුවට ඇමරිකාවේ නාසා ආයතනයටවත් තවමත් හිතාගන්න බැරි අධිබලැති කිරණ ශක්තියක් ඔබතුමන්ලා ගස් ගල් කියන ජය ශ්‍රී මහා බෝධියෙන් විහිදෙනවා. ඒ වගේම ඒ ධාතු නිධන් කල තැන් වලිනුත් එහෙම විහිදෙනවා කියලා නාසා ආයතනයෙන් කියනවා. ඒවායින් විහිදෙන ශක්තිය ලෝකයේ තියෙන කිසිම යන්ත්‍රයකට මනින්න බැරි තරම්ලු. ඉතිං ඇහැට පේන විදිහටනම් ඕවා ගස් ගල් තමයි. හැබැයි නිකම්ම නිකම් ගහක් නම් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට කියන්නේ නැහැ මම නැති ඕන වෙලාවක මට පූජා කරන්න ගෙනාපු ඕන දෙයක් මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාවට පුජා කරන්න ඒවා මට පුජා කළා හා සමානයි ලැබෙන ආනිසංසයේ කිසිදු අඩුවක් නැහැ කියලා. මොකද ඒක නිකම්ම නිකම් ගහක් නෙවෙයි පාරමිතා ශක්තියෙන් ලොව පහළ වෙච්ච ලොව්තුරා බුද්ධත්වය ලබන්න පවා මහා කිරණ ශක්තියක් විහිදුවලා බෝසතාණන් වහන්සේට ආරක්ෂාව සලසපු වෘක්ෂයක්. ඒ කිරණ ශක්තිය ඔබතුමන්ලාගේ ඇහැට පේන්නේ නැති උනාට නාසා එකේ යන්ත්‍ර වලට පේනවා. ඇමරිකාවේ මෑත කාලේ ජනාධිපතිවරු වෙච්ච හැම පුද්ගලයෙක්ම ඒ ධුරයෙන් ඉවතට යනකොට බුදු දහම වැළඳගෙන එලියට ගියේ චතුරාර්‍ය සත්‍ය වැටහිලා නම් නෙවෙයි. ඔය ත්‍රිපිටකයේ තියන බුදුරජාණන් වහන්සේ ලෝකේ ගැන කියපු කාරණා වල ඇත්ත නැත්ත යන්ත්‍ර සූත්‍ර වලින් හරි යම්තාක් දුරට දැනගෙන. තවත් කියන්න ගොඩක් දේවල් තියනවා. හැබැයි මට මේකට කොට කොටා ඉන්න කම්මැලියි."
ඔන්න ඔය විදිහටයි තිබුනේ. ඒ වගේම ඒ කොමෙන්ටුවට ප්‍රති උත්තරයක් විදිහට තව මහත්තයෙක් මෙහෙම කියලා තිබුණා.
"මෙහෙමත් මෝඩ ජාතියක්. මේ බෞද්ධයෝද? නිගන්ටයෝද? කියලා හිතාගන්න බෑ"
කොහොම උනත් අර මනුස්සයා කියපු දේට ඕක උත්තරයක්ද, අපහාසයක්ද? ඔබම තීරණය කරන්න.
අපි විසින් සංවිධානය කරපු "ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා" යන සත් අදිටනින් කරපු මහා අධිෂ්ඨාන බල පුජාව ඔබට මතකද?
ගෞතම බුද්ධ සාසනයේ සිදුකරපු ඒ අති දුර්ලභිය බුද්ධෝපහාර පුජාවට පැමිණෙන සැදැහැවත් ජනතාවට නිවන මුල් කරලා අති උතුම් ඉලක්කයකට හිත පිහිටුවලා කිසිම ලෞකික බලාපොරොත්තුවක් නැතුව සිදු කරපු ඒ මහා පින්කමේදී හිත තබාගත් පැතුමට සමහර අය කිව්වා "ඕවා කරලා අරිහතුන් වහන්සේලා පහළ වෙනවද?" කියලා. හොඳයි අපෙන් ඔය කාරණාව පෞද්ගලිකව අහපු කිහිප දෙනෙක්ගෙන් අපි ඇහුවා එහෙනම් අපි පිංකමක් කරනකොට මොකද්ද හිතේ තියාගන්න ඕන කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා "චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා" අන්න ඒ වගේ දෙයක් පතන්න ඉලක්ක කරන්න කියලා. ඊට පස්සේ අපි ඇහුවා චතුරාර්‍ය සත්‍ය හොඳටම අවබෝධ උනේ මහරහතන් වහන්සේටද නැද්ද? කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා ඔව් කියලා. ඉතිං අපි කිව්වා අපිත් කියන්නේ චතුරාර්‍ය සත්‍ය හොඳටම අවබෝධ වේවා කියලා තමයි කියලා. එතකොට ඒගොල්ලෝ නිහඬ උනා.
පිංවතුනි ඔබ දන්නවද බුද්ධ සාසනය දෙයාකාරයි කියලා. එකක් ප්‍රඥා සාසනය. අනික කරුණා සාසනය. කරුණා සාසනයක වැඩපිළිවෙලින් කරන්නේ කවදා හරි උතුම් ප්‍රඥාව පහල කරගන්න හේතු සකස් කරනෙක. ඒ මහා පිංකමට සාදුකාරයක් හරි දුන්න යම් කෙනෙක් ඇත්නම් එයාට බුදුරජාණන් වහන්සේගේ මහා ගුණකඳට කරපු ඒ මහා ගෞරව උපහාර පුජාව පිළිබඳව නැගිච්ච ඒ පැහැදුණු පුණ්‍ය හිතේ බලශක්තිය කොයිතරම්ද කියනවනම් ඒ පැහැදීම එයාගේ හිත අරිහත් හිත දක්වාම පැහැදෙන්න හේතු වෙන බව අපි ත්‍රිපිටකයෙන් ඔප්පු කරන්නම්. අරිහත්වයට පත්වෙන්න තමන්ට හේතු වුනේ මොනවද කියලා අරිහත් ඵලයට පත්වෙච්ච උත්තමයෝ දේශනා කරලා තියෙනවා. අපි කියන්නේ නැහැ පුද පුජා තිය තියා හිටියයි කියලා අරිහත් වෙනවා කියලා. අරිහත් ඵලය ලබන්න නම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම වෙනවා. චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් ඒ ධර්මය කනට ඇහෙන්න ඕන වෙනවා.ඒකයි බුදුවරු දේශනා කරලා තියෙන්නේ. ඒ සඳහා අවම කාරණා හතරක් අවශ්‍යයි කියලත් දේශනා කරලා තියෙනවා. පරතෝඝෝෂක ප්‍රත්‍ය, සද්ධර්මශ්‍රවනය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව ඒ අවම කාරණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා ලෝකේ බුදුවරුන් නැති කාලවලත් බොහෝ ප්‍රඥාවන්තයෝ උපදිනවා, පහළ වෙනවා කියලා. හැබැයි චතුරාර්‍ය සත්‍ය ඇහෙන්නේ නැති නිසා ඒ අයට නිවන් අවබෝධ කරගන්න බැරුව අකාලයේ මියයනවා කියලා. ඒ නිසයි දේශනා කරන්නේ චතුරාර්‍ය සත්‍ය ඇහෙන පරිසරයක ප්‍රඥාව සමග උපදින්න චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගත්තු උතුමන්ට කරපු ගෞරව උපහාර පුජාවල්මයි හේතු වෙන්නේ කියලා. සිද්දවෙලා තියන්නේ ඒ දේම නෙවෙයිද කියලා ඉදිරියේදී ඔබටම වැටහේවි.
හොඳයි සියළු කාරණා පිළිබඳව බුදුපියාණන් වහන්සේලාත්, මහරහතන් වහන්සේලාත් මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා ත්‍රිපිටකය අනුසාරයෙන්ම එකින් එක ඉදිරියේදී ගෙනහැර දක්වන්නම්.
ඔබ සැම දෙනාටම තෙරුවන් සරණයි...!!!