2018 අගෝස්තු 11 වන දින රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී පවත්වන මහා අධිෂ්ඨාන බල පූජාවට සමගාමීව අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා රන් අටපිරිකර රැගත් අති දැවැන්ත ජංගම බුද්ධ මන්දිරය බුත්තල යුදගනාව රජ මහා විහාරයේ සිට වැල්ලවාය, බණ්ඩාරවෙල, උඩුවර, හාලි ඇළ හරහා මුතියංගන රජ මහා විහාරය දක්වා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන පුද පූජා ලබමින් ගත් වගයි.