ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ලොවට පහළ වී ලෝක සත්ත්වයින් වෙත ඇති සියලූ දාහ, දුක්ගිනි වේදනා දුරු කරලීමට සමත් රාගයන්ගෙන්, ද්වේෂයන්ගෙන්, මෝහයන්ගෙන් නොකිලිටි වූ, සමසත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති අති උතුම් දහම් කඳ සම පමණින් හද ගැබ්හි තැන්පත් කළ බව සත්‍යයි. එම සමතිස් දහම් හදවත් තුළට ගැබ් වූ සත්ත්වයින් හට උන්වහන්සේලාගේ උතුම් සශ‍්‍රීක කිරිදියවන් අවවාද, අනුශාසනා යන සශ‍්‍රීක කරුණා කිරිදිය වෙත හදවත් යොමු වන්නේ නිරායාසයෙන් ම බව සත්‍යයි. එම කරුණා කිරිදිය වෙත යොමු වූ ඒ සතුන්ගේ හදගැබට, උන්වහන්සේලාගේ අවවාද, අනුශාසනා නැමැති මහා කරුණා කිරිදිය ද මුදාහැර, පෝෂණය කර එකිරෙන් සියලූ දුක්, දාහගිනි නිවීමට සමත් සත්තිස් බෝධිපාක්ෂික දහම් සම ව වැඞී, හදගැබ් තුළ ඇති සියලූ දුක්ගිනිි වසාගෙන නැගීි, අරිහත්ඵල සුවයෙන් පරිපූර්ණ වන්නා සේ, අප ද රාගයන්ගෙන්, ද්වේෂයන්ගෙන්, මෝහයන්ගෙන් වෙන් වූ, නොකිලිටි බව සිහි කර, තුන්වරක් සෝදාගෙන පිරිසිදු කළ සහල්පත් තිස්හතක් සමවගෙන සකසන්නේ අති උතුම් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සිහිකරමයි. හදගැබ් තුළට උතුම් වූ එම දහම් තැන්පත් වීම සිහි කර පාත‍්‍රා තුළට එම සහල්පත් තිස්හත තැන්පත් කරන්නේ, බුදුරජාණන් වහන්සේලා ලෝ සතගේ හදවත් තුළට එම උතුම් දම්කඳ තැන්පත් කළ එම මහා සත්‍ය ගුණයට ගරු ගුණ සිතින්මයි. එසේ තැන්පත් කළ පාත‍්‍රා තුළට කිරිදිය මුදාහරින්නේ, උන් වහන්සේලා තවදුරටත් අවවාද, අනුශාසනා නැමැති මහා කරුණා කිරිකඳ මුදාහළ සත්‍ය ගුණය සිහිකරමයි.

එසේ අවවාද, අනුශාසනා ලැබගත් ලෝ සතුන් උත්සාහයෙන්, වීර්යයෙන් යුතු ව ක‍්‍රියාත්මක වී එම දහම් සම ව වඩාගෙන, සිත් තුළ ඇති කාමා දී හිස්, දාහ, දුක්ගිනිි වසාගෙන අරිහත්ඵල සුවයෙන් පරිපූර්ණ වූ බව සත්‍යයි. අප ද උත්සාහයෙන්, වීර්යයෙන් යුතු ව ලිප්ගිනිි මොලවා, පැන් බඳුන් ඒ මත රඳවා, ඒ තුළට පාත‍්‍රා තැන්පත් කර, තිස්හතක් වූ සහල්පත් සම ව පිසගෙන, පාත‍්‍රා තුළ ඇති හිස් බව වසාගෙන කිරි අහරින් පරිපූර්ණ කරගන්නේ, එම මහා සත්‍ය ගුණය සිහිකරමයි. එම මහා සත්‍යානුභාවයෙන්, ලෝ සතගේ සිත් සතන් තුළ ඇති දුක්ගිනිි,

දාහගිනිි වසාගෙන උත්තරීතර සුවයෙන් පරිපූර්ණ වේවා!...
පරිපූර්ණ වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා!