තිලෝගුරු අමාමෑණී එ් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ නිකෙලෙස් වූ, නොඉඳුල් වූ,
උත්තරීතර වූ ඒ උතුම් හදවත් වෙත මාගේ අග‍්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ, එ් මහා නමස්කාරය වේවා
සම්බුදු පියාණන් වහන්සේලාගේ හදවත් උල්වැනි රාගයන් මත, උල්වැනි ද්වේෂයන් මත,උල්වැනි මෝහයන් මත, නොඉන්ද වූ බව
සත්‍යයි.
එබඳු උල්මත ඉන්ද වූ මුළු මහත් ලෝ සතගේ හදවත් දුක් පීඩා විඳින බව ද සත්‍යයි.
එබඳු උලින් නිදහස් වූ දුක් පීඩා නොම වූ, මුණිරජාණන් වහන්සේලාගේ හදවත් අමා සුව දෙන්නක් බව ද සත්‍යයි.
‘‘එසේ නොඉඳූල් වූ හදවත් වෙත කැප කෙරෙන පූජාවෝ
රාගාදී උල්හි ඉන්ද වූ කිසිදු සත්වයෙකු ඉඳුල් නොකරත්වාය’’
යන අදිටනින් සියලූ රැකවල් සදා උල්නැති ගුණ කඳ උදෙසා සකසන නොඉඳූල් පූජාවෝ
ගරු ගුණ සිතින් යුතුව පුදදෙන
උත්තරීතර වූ මහා පූජාවලිය උතුම් අදිටනින් යුතුව මෙසේ සකසන වගයි.




එම පින්බර දින අටවිසි බුදුපියාණන් වහන්සේලා රුවන්වැලි මහා සෑ රදුන් වටා තැන වූ විශේෂ මල් මණ්ඩප මත වඩමවා හිඳුවා උතුම් ගුණකඳ සිහිකර පුදදෙන්නා වූ

අර්ථාන්විත පූජා මාලාව මෙසේ වන්නේය.


ඇතුලූ පරිපූර්ණ පූජාවන්ගෙන් සමන්විත යුගයේ අති උත්තරීතර මහා අධිෂ්ඨාන බල පූජාවෙන් නැගෙන්නා වූ මහා පුණ්‍ය බල මහිමයන් විහිදී, පැතිරී පිහිටා,

ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා !

යන මහා අධිෂ්ඨානය තබන්න. නිර්මාංශව සුදුවතින් සැරසී ගරු ගුණ සිතින් යුතුව අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියසට ඔබ සැමද පියනගන්න. මෙම උත්තරීතර මහා අධිෂ්ඨාන බල පූජාවට සියලූ ලෝක සියලූ සත්වයන් අතහිත දී
ගනිත්වා !
සාධු ! සාධු ! සාධු !