හදවත් රාගා දී උල්හී නොඉන්ඳ වූ, සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ හදවත් තුළට රාගා දී කිසිදු අරමුණකින් කම්පාවක්, ඇනීමක්, දැවීමක් හටනොගන්නා අතර පූර්ණ වශයෙන් සුවපත්බාවයට පත් වූ හදවත් ඇත්තේය. අති උතුම් සුවපත්බාවය ලෝ සත වෙතට දායාද කිරීම සඳහා අර්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුක්ති පටිසම්භිදා, පටිභාන පටිසම්භිදා ආදී අග‍්‍ර දේශනා ඥානයගෙන් ද, ෂඞ් අසාධාරණ ඥානයන් නැමැති තුන් ලොව කිසිවෙකුට පහළ නොවන අසමසම ඥානයන්ගෙන් සශ‍්‍රීක වූ බුදුපියාණන් වහන්සේලාගේ, එම උත්තරීතර සශ‍්‍රීක භෝජනයන් ලෝක සත්වයා භුක්ති විඳ, අමා සුවඵල නෙලා ගනී.
ලෝක සත්ත්වයාට දායාද කළ එම උතුම් සශ‍්‍රීක භෝජනයන් වැනි ගුණ කඳ සිහි කර, මෙසේ නොඉඳුල් පළතුරු, කැවිලි, කිරිපැණි ආදී කොට ඇත්තා වූ, සශ‍්‍රීක වූ භෝජන පූජාවෝ පූජා කිරීමෙන් නැගෙන්නා වූ, අප‍්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයෝ විහිදී, පැතිරී, පිහිටා ලෝක සත්ත්වයාට අමාඵල නෙළාගැනීම උදෙසා


සශ‍්‍රීක ඥානයන්ගෙන් සමන්විත, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!