කෙලෙස් දාහගති දරාගත් හදවත් නිරන්තරයෙන් රත්ගති, උෂ්ණගති, සැඩගති වලින් යුක්ත වන්නේ ය. හදවත් තුළ ඇති එම දුඃඛිත ගති සුවපත් කර සිිසිල්බාවයෙන්, සිිසිල්බාවයට ම පත්කරන්නා වූ, අමාමෑණියන් වහන්සේලා ලැබ දුන් සදහම් අමා පානයන් පානය කළ ලෝ සතුන්ගේ හදවත් තුළ දරාගත් රත්ගති, සැඩගති නැමැති දුඃඛිත බව සුවපත් වී, හදවත් සිසිල්බාවයෙන්, සිසිල්බාවයට ම පත් වී ගිය බව සත්‍යයි.

එම මහා සදහම් අමා පානී ගුණය සිහි කර, අප ද කයෙහි රත්ගති, උෂ්ණගති, සුවපත් කර සිසිල්බාවයෙන්, සිසිල්බාවයට ම පත් කරන රන් තැඹිලි පැන් පිරිසිදු පාත‍්‍රා තුළට තැන්පත් කර පුදදෙන්නේ, උතුම් සදහම් අමා පානී ගුණය සිහිකරමයි. මේ මහා පුජාවෙන් නැගෙන්නා වූ අප‍්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයෝ විහිදී, පැතිරී, පිහිටා ලෝ සතගේ හදවත්හි රැදුණු


රත්ගති, උෂ්ණගති, සැඩගති සුවපත් වී, හදවත් සිසිල්බාවයට පත්වේවා!...
පත් වී, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!