ලොව පිපෙන මල් කුලයන්හි ඇති, සෑම මලකම වන්නා වූ පොදු ලක්ෂණයක් වන්නේ ය. එම ලක්ෂණය නම්, එම මල් නටුවෙන් ඉවත් වී යනවිට නටුවෙහි බීජයක් රඳවා තම වර්ගයා නැවතත් බෝ කිරීමට ප‍්‍රියභාවයක්, ඉච්ඡභාවයක් පවත්වන ගතියකින් යුක්ත බව වේ. මෙම ගතිය සමනය වූ අද්විතීය මලක් ලොව පිපී සුවඳ හමා නැවතත් නටුවෙහි බීජ නොරඳවා, මතු පුනර්භවයකට හේතු ඉතිරි නොකර ම නික්මී යයි. අන් මල් හා සමාන නොවූ එම අසමසම මල ‘සමන්පිච්ච’ මල වන්නේ ය. අනෙකුත් බීජ නිකුත් කරන මල් වැනි ලෝ සතුන් නිරන්තරයෙන් ප‍්‍රියභාවයන්, ඉච්ඡභාවයන් පවත්වන්නේ, මතු භවයකට බීජ ඉතිරි කිරීමටමයි. සය ඉඳුරන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම නැමැති අසාර දේ පසුපස හඹා යෑමටමයි. එබඳු වූ අසාර දේ පසුපස හඹා යද්දී, සතර අපා ආදී අධික දුඃඛිත අත්බැව් ලැබුව ද, ඒ සියලූ දුක් වසාගෙන ඉඳුරන් පිනවීම ‘සුව යැයි’ යන දැඩි අවිද්‍යාවක් මත හිත පවත්වයි. යමෙකු වෙත කායිකව ඇතිවන රෝගයක ඇති දුක් වේදනාව කෙමෙන්, කෙමෙන් අඩු වන විට ‘සුවයක් යැයි’ දැනේ. සුවයක් දැනෙන්නේ, රෝගයකින් අසහනයට පත් වී සිටි නිසා බව සත්‍යක්ය. එම රෝගය සමනය වන තුරු ම වින්දේ දුක් වේදනාවක් බව ද සත්‍යක්ය. එසේ කාම ආශා වැනි අසහනකාරී රෝගයන්ගෙන් ලෝ සතගේ හදවත් නිරන්තරයෙන් දුක්, පීඩා විදින්නේ ය. එක් එක් අවස්ථාවන් වල එවැනි අසහනයන්ගෙන් දුක් මතුවීමේ දී, රූපා දී අරමුණු ඇසුරු කළ විට එම දුක් කෙමෙන්, කෙමෙන් අඩු වී යනවිට දී දැනෙන වේදනාව ‘සුව යැයි’ අවිද්‍යා සහගත ව තීරණය කර, එම සුවය ම පතන ලෝ සත එසුව ලැබුමට නැවතත් සමනය නොවුණු අසහනකාරී ගතක්, අසහනකාරී හිතක්, පතපතා සසරෙහි සැරිසරයි. මෙම අසහනයන් සුව වන තුරු ම නැවත මතු භවයන්ට බීජ වන රූපා දී අරමුණු ‘සුව යැයි’ යන සිතුවිලි, ක‍්‍රියා, වදන් නිකුත් කරයි. එබ`දු වන්නා වූ ලෝ සතගේ අසහනකාරී හදවත් සමනය වී, මතු භවයන්ට බීජ නිකුත් නොකර


අසහනකාරී ගත සිත සමනය වෙත්වා!...
සමනය වී, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!