තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ලොවට පහළ වී දහම් වදන්, ගුණ වදන්, සාම වදන්, සුවඳ වදන් ලොවට විහිදුවා, පතුරුවා හැරි බව සත්‍යයි. උන්වහන්සේලාගේ ශ‍්‍රී මුඛ සුගන්ධ ගුණයන්ගෙන් විහිදෙන, දහම් වදන් කන වැකුණු ලෝ සතගේ සිත් සතන් තුළ රැඳුණු දුගඳ වූ, කෙලෙස් දාහගති ඉවත් ව අමා සුවය ලබා සුවඳවත් වූ බව ද සත්‍යයි. එම මහා මුඛ සුගන්ධ වූ ගුණයන්ට ගුණ උපහාරයක් වශයෙන් මෙසේ සුගන්ධවත් දැහැත් පූජාවෝ එම මහා සුගන්ධ ගුණ සිහි කර පුද දෙන්නෙමු. එම මහා පුණ්‍යානුභාවයන් විහිදී, පැතිරී, පිහිටා ලෝ සතගේ දෙසවන් තුළට


එම මහා අමා දහම් වදන්, ගුණ වදන්, සුවඳ වදන් රැව් දී ඇසේවා!...
ගුණ සුවඳින් හදවත් පිරේවා!...
හද පිරී, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!