ලොව පහළ වූ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අවිදුවෙන් ලොව අල්ලා ගන්නා වූ කාය සංකාර, මනෝ සංකාර, වචී සංකාර යන ‘කාර’ නැමැති ‘ක‍්‍රියා’ නැතහොත්, ‘වැඩ’ ලෙස හඳුන්වන අවිද්‍යා සහගත කටයුතු පහ කර, හදවත් ශුද්ධ පවිත‍්‍ර කරගෙන, එම පාරිශුද්ධ සුපිරිසිදු බව නැමැති පාවඩ උතුම් වූ සිත් සතන් තුළ අතුරාගෙන ඒ මත වැඩ හි`දී. එසේ වැඩ හිඳි උන්වහන්සේලා ගම්, නියම්ගම් ඇසුරු කරමින් දහම් චාරිකාවෙහි කෙතෙක් දුර වැඩියත්, ලොව අල්ලාගන්නා කායත‍්‍රයෙහි වැඩ පහ කර ඇති නිසා අපවිත‍්‍ර වූ භූමිවන්, අපවිත‍්‍ර වූ වැඩ පිළිවෙළ එම උතුම් සිත් තුළට ස්පර්ශ නොවන බව සත්‍යයි.


එම මහා සත්‍ය ගුණය සිහි කර අප ද, උතුම් වූ පාවඩ පූජාවෝ ගරු ගුණ සිතින් යුතු ව සකසා, අවිදු වැඩ පිළිවෙළ පහ කර, පාවඩ මත වැඩ සිටින්නා බදු, සුපිරිසිදු සම්බුදු පියාණන් වහන්සේලාගේ එම මහා උතුම් හදවත් ගුණ සිහි කර පුද දීමෙන් නැගෙන්නා වූ, අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදයෝ විහිදී, පැතිරී, පිහිටා ලෝ සතගේ හදවත් මතට ස්පර්ශ වන අපවිත‍්‍ර වූ භූමිවන්,

අවිදු වැඩ පහ ව යත්වා...!!!
පහ ව ගොස්, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!