මේ තුන්ලෝක ධාතුවට පරම පිවිතුරු, පරම ගාම්භීර, පරම ශ්‍රේෂ්ඨ උත්තමයෙක් පහළ වනවානම්, ඒ මහා උත්තමයා පහළ වන්නේ නරලොව හෙවත් මනුලොව තුළ වන්නේ ය. නරසීහ නම් වන නරයන්ගේ ශ්‍රේෂ්ඨයා වන, තුන්ලෝකාග‍්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වන උන්වහන්සේ් ශ්‍රේෂ්ඨයන්ගෙත් ශ්‍රේෂ්ඨතමයා වේ. එසේ ශ්‍රේෂ්ඨත්වයට පත් උන්වහන්සේ මග අනුව ගිය තවත් ශ්‍රේෂ්ඨ උතුමන් ලොව පහළ වේ. ඒ උතුම් වූ අරිහතුන් වහන්සේලාය. එසේ ශ්‍රේෂ්ඨ බව පනවන්නේ උන්වහන්සේලාගේ හදවත් තුළ රාගා දී අකුසල ධර්ම මාත‍්‍රයකින්වත් කිලිටි නැති බව මෙන් ම බයක්, ලොමු දැහැගැන්මක්, පලා යෑමක් නොහටගන්නා පරම ශ්‍රේෂ්ඨ මානසිකත්වයකින් යුක්ත වීම හේතුවෙන් බව කිව යුතුයි.

අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේලා පහළ වී, කාමා දී නින්දිත මානසිකත්වයන් ‘සුව යැයි’ සිතා උදම් වන ලෝ සතුන්ට උන් වහන්සේලාගේ මහා කරුණා නිකෙලෙස් දහම් වදනින් මනාකොට නිගරු, නින්දා කොට එම කාමා දී සිතිවිලි, ක‍්‍රියා, වදන්හි ඇති දුක්, දාහගිනි පෙන්වා දුන් බව සත්‍යයි. පෙන්වා දී එම කාමා දී නීච වූ ක්ලේශයන්හි අත් වූ ශේෂයක් ඇත් ද, එම අත් වූ ශේෂ අනුශය පවා ගැලවී යාමට දහම් දේශනා කර, හදවත් ශ්‍රේෂ්ඨත්වයට පත් කර දුන් බව සත්‍යයි. එබඳු වන්නා වූ සත්‍ය ගුණකඳ සිහි කර, කාමා දී කෙලෙස් ‘සුව යැයි’ අන්ධ බවට හා වූ ලෝ සතගේ හදවත් ඉන් නිදහස් වී ශුද්ධ පවිත‍්‍ර වෙත්වා!... කාමා දී දුක්, දාහ කෙලෙස් ‘මම ය’, ‘මගේ ය’ යන අවිදුවෙන් නොඇලෙත්වා!... නොඇලී හදවත් අමා සුවයෙන් සුවඳවත් වෙත්වා!... යන අදිටනින් අප ද, මෙසේ සේසත් ගෙන එහි නෙලූම් මලක සිතුවමක් සිත්තම් කර සකස් කර ගනිමු. එසේ සකසා ගන්නේ දිය හෝ මඩ වැනි අපවිත‍්‍ර දෑ හෝ ඇලෙන, ගැලෙන කිසිදු දෙයක් නෙලූම් මල් හී නොදරයි, නොර`දයි. එසේ වන් මඩ වැනි දුග`ද, අපවිත‍්‍ර, දුක්දාහ ඇති කාමා දී ක්ලේෂ ගිනිි ශ්‍රේෂ්ඨත්වයට පත් උතුමන්ගේ හදවත් තුළ නොදරයි, නොරඳයි. ඒවා ‘මම’ යැයි, ‘මගේ’ යැයි ගැනීමෙන් එම හදවත් වෙන් වී ගොස් සදා පවිත‍්‍ර වී ඇති බව සිහි කරගෙනමයි. එසේ වූ සත්‍ය ගුණයන්

සිහි කරමින් ඒ නෙළුම් මත සුදු හඳුන් කුඩු අලවා තැන්පත් කරන්නේ, කෙලෙස් දාහයන්ට අන්ධ බවකින් හා වීමෙන් නිකුත් වූ, දුගඳ වූ, අකුසල මූල සිතිවිලි, ක‍්‍රියා, වදන් ඉවත්වීමෙන් හටගත් නිවුණු සැනසුණා වූ සුවදවත් කුසල මූල සිතුවිලි, ක‍්‍රියා, වදන් සිහි කරගෙනමයි. එම නෙළුම මධ්‍යයේ නීල වර්ණයෙන් යුතු මාණික්‍යයක් වැනි දීප්තිමත් පාෂාණයක් අලවා තැන්පත් කරන්නේ, එබඳු සුවඳවත් කායත‍්‍රයන් නැගී ළය නිවී යත්වා! අවසානයේ සිත් හී ඇති සියලූ මාන ආදී කෙලෙස් ක්ෂය වී ගොස් මාණික්‍යක් මෙන් අරිහත්ඵල සුවයෙන් බැබලී යත්වා! බැබලී, හදවත් ශ්‍රේෂ්ඨත්වයට පත් වේවා! යන්න සිහි කරගෙනමයි. එසේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට මෙම සේසත් පූජාවෙන් නැගෙන්නා වූ, අනන්ත අප‍්‍රමාණ පුණ්‍ය බල මහිමය විහිදී, පැතිරී, පිහිටා ලෝ සතගේ සිත් තුළට අත්වන සියලූ සිතිවිලි කෙලෙස් ගිනිි ප‍්‍රහානය උදෙසා ම ක‍්‍රියාත්මක වේවා!... ඉන් ශේෂ වන සිතිවිල්ලක් ඇද්ද,



එම සිතිවිල්ල පවා කෙලෙස් ගිනි නිවීම උදෙසා ම හේතු වේවා!...
නිවී ගොස් ශ්‍රේෂ්ඨත්වයට පත් වේවා!...
ශ්‍රේෂ්ඨ වූ, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!