ලොව පහළ වන විවිධ නාදයන් ලෝ සතගේ දෙසවනට ඇසෙද්දී, සතගේ හදවත් තුළට රාගා දී, ද්වේෂා දී, මෝහා දී කෙලෙස් දාහයන් පහළ වී, හදවත් දුක්ගිනිි කඳට ම පත් කරයි. විවිධ වූ එම නාදයන් අතර ඇති, දුර්ලභීය වූ, අති ගාම්භීර වූ නාදයක් ලොවට පහළ වේ. එය නම් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ සදහම් නාදයයි. එම උතුම් නද නුවණින් ඇසුවන්ගේ හදවත් තුළ ඇති කෙලෙස් දුක්ගිනි මකා සුවයක් හදවත් වෙතට එක් කළ බව සත්‍යයි. එබදු වන්නා වූ අති ගාම්භීර වූ ඒ මහා සදහම් හඬ සිහි කර, 108 ක් වූ සක් නද දී පුදදෙන්නේ එම මහා සදහම් නද සිහිකරමයි. මෙම මහා ස්වර්ණ සංඛ පූජාවෙන් නැගෙන්නා වූ, අප‍්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයෝ විහිදී, පැතිරී, පිහිටා


මේ මිහිමත සදහම් හඬ රැව්දේවා!...
රැව් දී, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!