ලෝ සත විසින් ඔවුනොවුනගේ සිත් සතන් තුළ ඇති රාගා දී නින්දිත දහම් ‘සුව යැයි’ සිතා එම දහම් තම හදවත උඩ තබාගෙන, අවිදුව උදම් වී සැරිසරයි. එසේ සැරිසරන ලෝ සතට ලොව්තුරා සම්බුදු පියාණන් වහන්සේලා පහළ වී එම නින්දිත වූ දහම් හද උඩ තබාගත් විට අත්වන්නා වූ දුක්, දාහගිනි කඳ පෙන් වූ පසු හදවත් උඩින් තබාගත් එම නින්දිත දහමින් සතට වූ දුක්, දාහගිනි නොවී ඉන් රැකවරණය සෙවණ සෑදී, ඒ දුකින් නිදහස් බාවයට පත් වූ බව සත්‍යයි. එසේ සිසිල් වූ, සුවදායක වූ, දුක්, දාහගිනි නොම වූ ශාසන සෙවණ සේවනය කළ ලෝ සතුන් ඉන් අත්වන්නා වූ අමා නිවන් සුවය සේවනය කර එම සුවයෙන් පූර්ණය වූ බව සත්‍යයි. එම අමා ශාසන සෙවණ ලැබ දුන් සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත ගුණකඳ සිහි කර අප ද, මෙසේ ගරු ගුණ සිතින් යුතු ව සකසාගත් උඩුවියන් පූජාවෝ හා මුතුකුඩ පූජාවෝ මුණිරජාණන් වහන්සේලා උදෙසා පූජා කරන්නේ, එම මහා සෙවණ වූ, සිසිල වූ, උත්තරීතර වූ උතුම් ගුණකඳ උදෙසා ම බව සඳහන් කරමු. මෙම මහා පූජාවෙන් නැගෙන්නා වූ, අනන්ත වූ අප‍්‍රමාණ පුණ්‍ය කුසල බල මහිමයෝ විහිදී, පැතිරී, පිහිටා



ලෝ සතගේ සිත් සතන් මතට ශාසන සෙවණ පහළ වේවා !...
පහළ වී එය සේවනය කර, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!