ලෝ සතුනගේ ළය තුළ වන රාග, ද්වේෂ, මෝහ වැනි අන්‍ය වූ, අනවශ්‍ය වූ දුක්, පීඩා ලැබ දෙන දේ ළය තුළින් ඉවතට ඇදී ගිය පසු ලය සැහැල්ලූවට නිදහසට පත් වී සිසිල් පවනක් බඳු වීම සත්‍යයි. පූර්ණ වූ එම සැහැල්ලූව අත්විඳින උතුම් හදවත් තුළ නොකැඩෙන, නොබිඳෙන මහා මිහිරියාවක් පැන නැගී ඇති බව සත්‍යයි. සම්බුදු පියාණන් වහන්සේලාගේ එම සැහැල්ලූ මහා මිහිරියාවට පත් වූ, එම හදවත් ගුණ සිහි කර අප ද ලිපගිනිි මොලවා, ඒ මතට බඳුන් රඳවා, ඒ තුළට වී පත් මුදා හැරවා එම වී තුළ ඇති බර ගති, තද ගති, පොතු ගති, රත් කර දවා ඉන් ඉවතට ඇද දමා සැහැල්ලූ පවනෙහි වුව ද පාවී යන නොඉ`දුල් විලඳ ඵල සකස් කර ගන්නේ, ඒ මහා සැහැල්ලූවට පත් මුණිරජාණන් වහන්සේලාගේ හදවත් සිහිකරමයි. සකස් කර ගත් විලඳ සුපිරිසිදු පාත‍්‍රා තුළට තැන්පත් කර ඒ මතට සුපිරිසිදු මී පැණි තැන්පත් කරගන්නේ, එම සැහැල්ලූ සිත් තුළ පැන නැගුණු ඒ මහා අමා සුව මිහිරියාව සිහි කරගෙනමයි. මෙසේ එම නොඉඳුල් උතුම් විලඳ මී පැණි පූජාවෝ, සම්මා සම්බුදු පියාණන් වහන්සේලා වෙත පූජා කිරීමෙන් නැගෙන්නා වූ, අනන්ත අප‍්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයෝ විහිදී, පැතිරී, පිහිටා ලෝ සතගේ සිත් සතන් තුළ රාග, ද්වේෂ, මෝහා දී



තද ගති, බර ගති, පොතු ගති ඉවතට ඇදී යත්වා!...
උතුම් අමා මිහිරියාව ද පැන නැගෙත්වා!...
පැන නැගී, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!