අපවිත‍්‍ර වූ, කටුක වූ, අසූචි වැනි රාගයන්ට, ද්වේෂයන්ට, මෝහයන්ට සම්බන්ධ සසර ගමනට හේතුවන්නා වූ ආහාරයන් වන කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, විඤ්ඤාණ ආහාර, මනෝ සංචේතනා ආහාර යන කටුක වූ, අසූචි වැනි මනෝ මූලික සතර ආහාරයන් ‘මධු යැයි’ උරමින් සැරිසරන්නා වූ ලෝ සතට, සම්මා සම්බුදු පියාණන් වහන්සේලා පහළ වී දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං , දුක්ඛ නිරෝධයේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං යන සිව් අරිසස් දහම් නැමැති ‘මධු’ වැනි ඥාන සතර පහළ කර දුන්නේ ය. එම චතු මධුර වූ ඥානයන් උරාගත් ලෝ සතුන් කටුක වූ, අසූචි වැනි සතර ආහාරයන්ගෙන් මිදී සසර ගමනින් නිදහස් වූ බව සත්‍යයි.

එවැනි චතු මධුර ඥානයන් ලොවට විද්‍යාමාන කර විහිදුවා වදාළා වූ, සම්බුදු පියාණන් වහන්සේලාගේ මහා ගුණකඳ උදෙසා අප ද සුපිරිසිදු වූ, මධුර වූ ‘‘වෙඬරු, ගිතෙල්, උක්හකුරු, මී පැණි’’ යන මධුර වූ දේ යොදා සකස් කරගත් චතු මධුර පූජාවෝ, සුපිරිසිදු පාත‍්‍රා තුළට තැන්පත් කර මෙසේ පුද දෙන්නේ, එම මහා ගුණකඳ සිහිකරමයි. මෙම මහා චතු මධුර පූජාවෙන් නැගෙන්නා වූ, මහා පුණ්‍යානුභාවයන් විහිදී, පැතිරී, පිහිටා ලෝ සතගේ සිත් සතන් තුළට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධයේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං යන


චතු මධුර ඥානයන් පහළ වේවා!...
පහළ වී, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!