ලෞකික වූ සුවයන් හඹා ගිය ලෝක සත්ත්වයින් නිරන්තරයෙන් ම අවිද්‍යා සහගත එම සුවයන්ගෙන් වසාගෙන එම වේදනා විඳීමට ආසාවකින් හදවත් පවත්වයි. උතුම් වූ, භාග්‍යවතුන් වහන්සේලා ලොවට පහළ වී ලෝක සුවයට ආසා කළ ලෝ සතුනට එම සුවය විඳින විට ඇති රාගා දී දාහ ගති, ගිනිි ගති පෙන් වූ පසු එසුව වෙත ඇති ආශාවන් ලෝ සතුනගේ හදවත් වලින් ඉවත් වී රාගා දී, කෙලෙස් දාහයන්ගෙන් විඳි දුක්, පීඩා වලින් රැකවරණය ලැබී නිදහස් බාවයට පත් වී, රැකවරණය සැලසුන බව සත්‍යයි.

භාග්‍යවතුන් වහන්සේලා ලෝ සතගේ හදවත් තුළට පහළ කර දුන් ලෞකික සුවයට ආශා නැති බව නැමැති සාසන රැකවරණ ගුණය සිහි කර අප ද, මෙසේ ගරු ගුණ සිතින් සකසා ගත් උතුම් වූ වටතිරයන් පූජා කිරීමෙන් ලැබෙන්නා වූ, අනන්ත අප‍්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාදයෝ විහිදී, පැතිරී පිහිටා සතගේ හදවත් තුළ ඇති ලෝක සුවයට ආශාව බිඳී එහි ඇති දාහගිනිි, දුක්ගිනි පෙනී ඒ දුකින් රැකවරණය සලසන


ප‍්‍රඥාව නැමැති මහා වටතිරයෙන් රැකවරණය සැලසේවා!...
සැලසී, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා...!